එකම රටක එකම ජාතියක් ලෙස එකතු වීම

එකම රටක එකම ජාතියක් ලෙස එකතු වීම

Started
17 June 2018
Petition to
The people of Sri lanka
Signatures: 94Next Goal: 100
Support now

Why this petition matters

Started by Gen Peace

අවුරුදු තිහක් පුරාවට පැවති  බිහිසුණු යුද්ධය නිසා දස දහස් ගණන් මිනිස්සුන්ට දුක් විඳින්න සිද්ධ වුනා. ඉස්සර දෝංකාර දුන්නු විළාප හඬ, බෝම්බ හඬ අද ඇහෙන්නේ නැහැ.අපිට නොතිබුණු නිදහස සිය ගුණයකින් අපේ දරුවන් අද භුක්ති විඳිනවා. නමුත් සැරින් සැරේ මතුවෙන ජාතිවාදී අරගල නිසා ඔවුන්ට අපි ලබා දෙන පණිවිඩය පිලිබඳ ඔබ මොහොතකටවත් සිතා බැලුවාද? ඉස්සර අපේ අම්මලා අපි ගෙදර එනකන් පපුවේ ගිනි පත්තු වෙවී බලාගෙන හිටියා. නිදහසේ ගෙදරින් එළියට බැහැල යන්නවත් පුළුවන්කමක් තිබුනේ නැහැ. අනෙක් ජාතීන් දෙස සෑමවිටම බැලුවේ සැකය පිරුණු ඇසින්. නමුත් අද ඒ තත්වය කොයිතරම් නම් වෙනස් වෙලාද? නැවත අපිට මේ නිදහස අහිමි කරගන්න අවශ්‍ය නැහැ. අපේ දරුවන්ට නිදහස සහ සහජීවනය පිරුණු අනාගතයක් ලබා දීමට අපි සෑමවිටම උත්සහ කරමු. ඔවුන් නොදන්නා ඒ බිහිසුණු අතීතය අතීතයේම තබමු. ඔවුන් නිදහස් පරම්පරාවේ පුරවැසියන්. සහජීවනය සපිරි අනාගතයක් ඒ පරම්පරාව වෙනුවෙන් අපි උරුම කරමු.

Support now
Signatures: 94Next Goal: 100
Support now
Share this petition in person or use the QR code for your own material.Download QR Code

Decision-Makers

  • The people of Sri lanka